Skip to main content

Posts

Featured

මූණු පොතට හුරු වෙයන්.... ඒක පට්ට

ලොව බිලියන 2කටත් අධික පිරිසක් නිතර යන එන මුහුණුපොත අදවන ලංකාවේද නොදන්නා කෙනෙක් නොවන තරම්ය. මුහුණුපොත පසුගිය දශකයක පමණ කාලය තුළ තරුණ පරපුර ආකාර්ෂණය කරගත්තේය. ඓන්ද්‍රීය සමාජයක හුදකලාව ජීවත්වන අද තරුණ පරපුර තත්‍යාසන්න සමාජයකට ගෙන යන මුහුණු පොත පණිවිඩ හුවමාරුවට තෝතැන්නක් විය.  මුහුණු පොතේ ඔබේ මුහුණ මුහුණට කියන්න බැරි බොහෝ දේ මුහුණුපොතේ ප්‍රොෆයිලයකට මුවාවෙමින් කියගන්නට හැකියාවක් ඔවුන්ට උදාවිය. විටෙක මේ සියල්ල හැගීම්ය. මේ හැගීම් මිනිසුන් අතරට ගෙන ගියේ පෝස්ට් එකක් මගිනි. එය ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම විනෝදාත්මක කටයුත්තක් විය.  මුහුණු පොත මගින් පෞද්ගලිකත්වය සීමා කර ඇති අතර පොදු වේදිකාවක් තුළ එකිනෙකා තේරුම් ගැනීමක් සිදු කරයි. එම තත්‍යාසන්න යථාර්ථය තුළ බිහිවන ආදර කතා, විරහ වේදනා, දේශපාලනික මති මතාන්තර, කලීන තේමා, මතින් සාකච්ඡුාවට වේදිකාවත් බිහිවිය. සමහර විට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් නිකුත් කරන ප‍්‍රවෘත්ති දැක බලාගන්නේද මුහුණුපොතෙනි. යම් විටක අනාගත පරපුර මුහුණුපොත ආගමක් කරගත් අවස්ථාද දක්නට ලැබේ.  මුහුණුපොතෙන් බිහි වූ සමාජ ප‍්‍රවණතා

Latest Posts